පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී නිවසට අලාභ හානි සිදු කළේ යැයි චෝදනා ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනා අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
සිසුන් 12 දෙනා හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සදහන් කලේ. අද දිනය මහනුවර අධිකරණයේ නිවාඩු දිනයක් වුවද මෙම නඩුව ක්‍රියාත්මක වන බව පොලීසිය කියා සිටියා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පසුගිය 10 වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් නිල නිවසට පැමිණ ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
එම සිද්ධියට අදාළව සී සී ටී වී දර්ශන ඔස්සේ හදුනා ගත් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කළේ.