fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට සුපරීක්ෂක කමිටු

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 13:44

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට සුපරීක්ෂක කමිටු

පාසල් සිසුන් අතර අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල සුපරීක්ෂක කමිටු පිහිටුවීමට නියමිතයි. ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි එම කමිටු පිහිටුවන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අධ්‍යාපන බලධාරීන්ට සහ පොලිසියට උපදෙස්දි තිබෙනවා.

පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ යමින් පවතින බව මේ වන විට හෙලිව තිබෙනවා. සිසුන් ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය බේදා හරින්නන් කොටුකර ගැනීම කිහිපදෙනාගේ යුතුකමයි. මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය වහා පියවර ගතයුතු බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්විමේ දි අවධාරණය කලේ.

ඒ සදහා මත්ද්‍රව්‍ය නිවාරණ සුපරීක්ෂක කමිටු පාසල් ආශ්‍රිතව පිහිටුවීම කඩිනමින්ම අවසන් කරන ලෙස ද අමාත්‍යවරයා සදහන් කලා. මෙහිදි අදහස් දැක්වු ගම්පහ නාගරාධිපති එරංග සේනානායක මහතා පෙන්වා දුන්නේ සති අන්තයේ උපකාරක පන්ති සදහා පහලොස්දහසකට ආසන්න පිරිසක් ගම්පහ නගරයට පැමිණෙන බවයි.

ඔවුන් මත් ජාවාරමට හසු කර ගැනීමට විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක බැවින් උපකාරක පංති ආශ්‍රිතව ද සුපරීක්ෂක කමිටු පිහිටුවීමට මෙහිදි තීරණය කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2022 13:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්