ඉන්දියාවත් එරට සිදුකරන කෝවිඩ් පරීක්ෂණ ඉහළ දමයි
Related Articles
චීනයේ ශීඝ්‍ර කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවද එරට සිදුකරන කෝවිඩ් පරීක්ෂණ ඉහළ දමා තිබෙනවා.
අසල්වැසි චීනය කෝවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමග ඉන්දියාවේ සෞඛ්‍ය අංශද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වනවා.
එළඹෙන නත්තල් සහ අවුරුදු සමය තුළ කෝවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතිනවා.
පසුගිය වසර දෙක තුළ ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය වැඩි මට්ටමක පැවතියද මේ වසර තුළ එහි පහළ යාමක් දක්නට ලැබුණා.
එරට වාර්තාවලට අනුව සෑම සතියක් තුළම කෝවිඩ් ආසාදිතයන් එක්දහස් දෙසියක් වාර්තා වන අතර මේ වනවිට ලබා දී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන දෙකයි දශම දෙකකට අධිකයි.