එප්පාවල දරුවා පැහැරගත් අසේලව අල්ලගන්න පොලීසිය මහජන සහාය පතයි
Related Articles
එප්පාවල නව හැවිරිදි දරුවා පැහැර ගත් පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.
එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවෙකු පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ මව එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබුණා.
ප්‍රදේශයේ විදුලි කාර්මික ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මිකයෙකු සමඟ මෙම දරුවා මිතුරු වී තිබෙනවා.
මේ වන විට හෙළිව ඇත්තේ දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ අසේල ප්‍රියන්ත නැමති 45 හැවිරිදි මෙම විදුලි කාර්මිකයා බවයි.
පෙරේදා රාත්‍රියේ දරුවා පැහැරගෙන නාවුල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයෙකුගේ නිවසකට මෙම පුද්ගලයා දරුවා රැගෙන ගොස් ඇති බව හෙළිව තිබෙනවා.
එහෙත් ඊයේ උදෑසන දරුවාද රැගෙන ඔහු එම නිවසින් පිටව ගිය බවයි එම නිවැසියන් පවසා ඇත්තේ.
දරුවා පැහැරගෙන ගොස් ඇත්තේ වයි අයි 1752 දරණ රතු පැහැති ත්‍රීරෝද රථයකින්.
මෙම පුද්ගලයාගේ ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරක් ඇතොත් එප්පාවල පොලිසියේ 025 22 49 122 අංකයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.