fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂාෆ්ටර්ගේ ඝාතකයා සොයා ගන්න දුරකතන අංක 4ක් ගැන පරීක්ෂණ ඇරඹේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2022 11:38

ෂාෆ්ටර්ගේ ඝාතකයා සොයා ගන්න දුරකතන අංක 4ක් ගැන පරීක්ෂණ ඇරඹේ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දුරකතන අංක 4 කට ලැබුණු සහ ලබාගත් ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අධිකරණය පොලීසියට අවසර ලබාදුන්නා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට ගෙන්වාගෙන වද හිංසා පමුණවා ඝාතනය කර තිබුණේ පසුගිය 15 වනදායි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ සිදුකරනවා.

ෂාෆ්ටර් මහතාගේ බිරිඳ ඇතුළු පාර්ශ්ව ගණනාවකින් ප්‍රකාශ සටහන් කරගෙන පුළුල් විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

දුරකතන අංක 4කට ලැබුණු සහ ලබාගත් ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තා ලබාගැනීමට පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුවයි ඊට අවසර ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කටයුතු කළේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අය ඇතුළු ඔහු ඇසුරු කළ අය මෙන්ම නිවසේ සහ කාර්යාලයේ ආරක්ෂකයින්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව සැකයට තුඩුදී ඇති පුද්ගලයින් පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2022 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්