මහකන්නය සදහා වී ගොවීන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 8 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවයි.
මෙම මුදල් ලබාදී ඇත්තේ ගොවි පවුල් ලක්ෂ 12 ට සෙත සැලසීම සදහායි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ හෙක්ටාරයකට වඩා අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් දස දහසක් හා ඊට හෙක්ටාරයකට වැඩි සෑම පවුලකටම රුපියල් විසිදහසක දීමනාවක් ලබාදෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ අනුව ලබන සතියේ සිට අදාළ ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.