ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී ලොව පුරා රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 550,000 කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,470 ක්.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජපානයෙන්.
එම සංඛ්‍යාව 185,000 කට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 87,000 ක් ප්‍රංශයෙන් 71,000 ක් ජර්මනියෙන් 52,000 ක් හා බ්‍රසීලයෙන් 48,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 308 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහය ලක්ෂ හැත්තෑහය දහසකට ආසන්න වනවා.
හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටපන් කෝටි අසූඅට ලක්ෂ හැත්තෑ දහසකට අධිකයි.