දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතී.
උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දින දෙක තුලදී බටහිරට බරව වයඹ දෙසට සෙමින්ගමන්කරමින්ලංකාවේ මුහුදු වෙරළ වෙත ළඟාවීමේ හැකියාවක්පවතී.
මධ්‍යම බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී.(50-60) පමණ දක්වා වැඩිවිය හැකි අතර විටින්විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ. එබැවින්ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන්කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයිනවටාවනමුහුදුප්රදේශවලසුළං ඊසානදෙසින්හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (30-40) පමණවේ.
කොළඹසිටපුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුවසහපොතුවිල්හරහාහම්බන්තොටදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්රදේශවලසුළගේවේගයවිටින්විටපැ.කි.මී. (50-55) පමණදක්වාවැඩිවියහැක.
මුහුදේ ස්වභාවය:
කොළඹ සිට පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-12-21 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 29 | 23 | 95 | 85 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 26 | 23 | 95 | 80 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 32 | 24 | 90 | 80 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 27 | 24 | 90 | 85 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 26 | 24 | 95 | 80 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මහනුවර | 26 | 21 | 95 | 90 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 17 | 13 | 95 | 90 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
රත්නපුරය | 31 | 23 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 26 | 24 | 95 | 85 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 28 | 25 | 95 | 90 | විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |