fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේනය බෙලරුස් දේශ සීමාවේ ආරක්ෂාව දැඩි කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 13:31

යුක්රේනය බෙලරුස් දේශ සීමාවේ ආරක්ෂාව දැඩි කරයි

යුක්රේනය බෙලරුස් දේශ සීමාවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

යුක්රේන බෙලරුස් දේශසීමාව ආසන්නයට තම ප්‍රහාරක සන්නාහ සන්නද්ධ රථ හා යුද ටැංකි ස්ථානගත කිරීමට කටයුතු කරන බවයි යූක්රේන රජයේ අමාත්‍යවරයෙක් සදහන් කර ඇත්තේ. බෙලරුසය හරහා රුසියාව යුක්රේනය ආක්‍රමනය කිරීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සදහන්. එමෙන්ම රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම ද මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා. එමෙන්ම රහස් ඔත්තුකරුවන්, කඩාකප්පල්කරුවන් හා රුසියා රජයේ ප්‍රතිපත්ති පාවාදෙන්නන් සොයා මෙහෙයුම් ආරම්භ කරන ලෙස ද රුසියා ජනාධිපතිවරයා එරට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. යුක්රේන රුසියා දේශසීමා ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඔහු උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්