fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 11:24

කොළඹ වරාය නගරයට නව වීසා වර්ග කිහිපයක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ වරායේ නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්,මූල්‍ය,තොරතුරු තාක්ෂණය හා සංචාරක,වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා මෙම නව වීසා වර්ගය හඳුන්වා දී තිබේ.

අද (20)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින් දැක්වේ.

* වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක වීසා” කාණ්ඩය

* සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත වීසා” කාණ්ඩය

*කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2022 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්