චීනයේ 60% කට යළි කොරෝනා ආසාදනය වන බවට අනතුරු ඇඟවීමක්
Related Articles
ඉදිරි දින 90 ක කාලය තුළ චීන වැසියන්ගෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයකට කොරෝනා වයිරසය ආසාදනය වනු ඇති බවට ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය අනතුරු අඟවනවා.
නිල දත්ත වාර්තා පල නොවූවද චීනයේ කොරෝනා වයිරසය ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නලය සදහන් කරන්නේ. එරට රොහල්වල දැඩිසත්කාර ඒකකයන් රෝගීන්ගෙන් පිරී ඇති බවද වාර්තා වනවා. ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එක් ආසාදිතයෙකු හමු වුවද එම ප්‍රදේශය වසා දැමීමට චීන රජය කටයුතු කළා. ඒ හේතුවෙන් හටගත් ජනතා විරෝධයත් සමග පනවා ඇති නීති ලිහිල් කිරීමටයි රජය පියවර ගත්තේ. ඒ සමගම චීනය පුරා කොරෝනා ව්‍යාප්තිය උත්සන්නවී තිබෙනවා. වයිරස ව්‍යාප්තියත් සමග මිලියන ගණනක පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට ඉඩ ඇති බවටයි වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසන්නේ. කෙසේ වුවද නොවැම්බර් මස 23 වන දිනෙන් පසුව කොරෝනා මරණ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ නිල වාර්තාවක් නිකුත්කර නැහැ.