රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන 2ක මුදලක් පරිත්‍යාගයක්
Related Articles
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සදහා රුපියල් බිලියන 2ක මුදලක් භාරදී තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද පස්වරුවේ සිදුකෙරුණා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියනයක්, ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියක 500 ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය රුපියල් මිලියන 500 ක් රජයේ ඒකාබද්ධ අරමුදලට පිරිනමා තිබෙනවා. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙන්ම අදාළ ආයතනවල ප්‍රධානීන් ද එක්ව සිටියා.