ගල්ගමුව ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසල් විභාග මධ්‍යස්ථානයේදි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයට මුහුණ දුන් සිසුන් පිරිසට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා පවසනවා.
ගල්ගමුව ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ අංක 01 විභාග මධ්‍යස්ථානයේ දි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් කණ්ඩායමකට අසාධාරණයක් සිදු වු බවට දෙමාපියන් ඊයේ චෝදනා කළා. එක් ප්‍රශ්න පත්‍රයක කොටසක් නියමිත අංක මාරු කර දරුවන්ට බෙදා දි විනාඩි 30කට පමණ පසුව පිළිතුරු ලියු ප්‍රශ්න පත්‍ර අංක නිවැරදි කිරිම සදහා දරුවන් අතර මාරු කිරීමට කටයුතු කර ඇති බවටයි දෙමාපියන් එසේ චෝදනා එල්ල කලේ. ලියු පිළිතුරු මකා නැවත පිළිතුරු ලිවීමට සිසුන්ට උපදෙස් දිමෙන් තම දරුවන් අසීරුතාවකට පත්වු බවද ඔවුන් පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩි ධර්මසේන මහතා සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් සිදු කිරීමට නිලධාරී කණ්ඩායමක් යෙදවීමටයි පියවර ගනු ලැබුවේ. නිතලව කණිෂ්ට විද්‍යාලයේ සිසු දරු දැරියන් 11 දෙනෙකු මෙම තත්ත්වයට මුහුණ දී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශණයක් සිදු කොට අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අද ප්‍රකාශ කලේ. සිසුන්ට කිසිදු ආකාරයේ ආසාධාරණයක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fgXLRxrCC4U”]