අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ අරමුණෙන් පාසල් දරුවන්ගේ පාපැදි 10ක් පමණ ඉතා සූක්ෂම අයුරින් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හිගුරක්ගොඩ පොලිසිය සමත්වුණා.
පාසල් සිසුන්ගේ පාපැදි සොරගන්නා මෙම පුද්ගලයා ඉතා සූක්ෂම අයුරින් විවිධ ස්ථානවලට අලෙවි කර මුදල් ලබා ගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ. ඇතැම් පාපැදි අධික මිලගණනකින් යුතු බවද හිගුරක්ගොඩ පොලිසිය සදහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් හිගුරක්ගොඩ පොලිසිය පරික්ෂණ අරඹා තිබෙනවා.