fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් මහත්මිය ජනපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 15:57

සේවා කාලය නිම කර සිය රට බලා යන හනා සිංගර් මහත්මිය ජනපති හමු වෙයි

සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මුණ ගැසුනා.

හනා සිංගර් මහත්මිය සහ ජනාධිපති තුමා අතර හමුව පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ඉටු කළ සේවය අගය කරන බව ජනාධිපති තුමා මෙහිදි කියා සිටියා . ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සුබාශිංසන ගෙන ඒමට ද රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. හනා සිංගර් මහත්මිය 2018 වසරේ සැප්තැම්බර් මස 07වනදා සිට මෙරට සේවය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්