තානාපතිවරුන් සිව් දෙනෙකුගේ හා නිත්‍ය නියෝජිතයන් දෙදෙනෙකුගේ පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.
ප්‍රංශ ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂණී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර මෙනෙවිය පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවුණා. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලි සුභාෂිණී ද සිල්වා කරුණාතිලක මහත්මියත්, ජර්මන් පෙඩරල් සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිණිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ මහත්මිය පත්කිරීමටත් ආරක්ෂක සභාවේ අනුමැතිය හිමිවුණා. ජෝර්දාන් හැස්මයිට් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ප්‍රියංකා විජේගුණසේකර මහත්මිය මෙන්ම වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සජිව උමංග මෙන්ඩිස් මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කළේ.