fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිමට ප්‍රංශයේ උපරිම සහය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 16:41

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරිමට ප්‍රංශයේ උපරිම සහය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරිමට උපරිම සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ෂෝන් ප්‍රන්ශුවා පැක්ටේ මහතා පවසනවා.

ප්‍රංශ තානාපතිවරයා මේ බව සදහන් කලේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සමග අද පැවති හමුවකදි. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කල යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ හා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද මෙහිදි අදහස් හුවමාරු කර ගැණුනා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කිරිමේ දි බහුපාර්ශික හා ද්විපාර්ශික හවුල්කරුවන්ගෙන් ලබා ගත හැකි සහය පිළිබදව ද මෙහිදි සාකච්ඡා කෙරුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සාධාරණත්වය හා විනිවිද බාවය තහවුරු කිරීමට රජය පියවරගෙන ඇති බව ද මුදල් අමාත්‍යවරයා තානාපතිවරයා සමග සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්