කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පරිහරණය සදහා රුපියල් ලක්ෂ විසිපහක වටිනාකමින් යුතු ස්වයංක්‍රීය හෘදය පණ ගන්වන යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා.
හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයොග්නොස්ටික් සමාගමයි මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ. හදිසි හෘදයාබාධවලට ලක්වුවන්ගෙන් සියයට අනූපහකගේම ජිවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන්. කටුනායක ගුවන්තොටුපලේ ඉදි කෙරෙන මෙම යන්ත්‍රය මගින් හෘදයාබාධවලට ලක්වන ගුවන් මගීන්ට ක්ෂණිකව මුලික ප්‍රතිකාර ලබා දිය හැකි වනවා. මෙම අවස්ථාවට සිමාසහිත ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයොග්නොස්ටික් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජූඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වුණා.