fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම්- ජනාධිපති ලේකම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 15:13

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම්- ජනාධිපති ලේකම්

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

එසේම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල බලපෑමක් සිදුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොල්ලුපිටිය සමුද්‍රා හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව අමතමිනි.

අභියෝග රැසක් මධ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා රටේ වගකීම භාරගත් බවත්, මේ වන විට ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායම සිදුකරන මෙහෙවර අගය කරන බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“Be the impact” යන තේමාව ඔස්සේ මෙවර පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එහි සභාපති සුරංග රණසිංහ මහතා ඇතුළු දිවයින පුරා විසිරී සිටින 2012 කණ්ඩායමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2022 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්