ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා.
2022 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූවේ ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල්. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදීයි පැවැත්වුණේ. රටවල් 63ක තරඟකරුවන් මේ සඳහා එක්ව සිටියා. 2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවුණා.