අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුරුදු වගා කරුවන්ගේ ගාල්ල දිස්ත්‍රික් සංවිධානය එක්ව සංවිධාන කළ නැවුම් කුරුදු මංගල්‍යය හික්කඩුව සීනිගම දේවාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු කුරුදු වගාවට විශාල හානියක් සිදුවුනා. එහිදී කුරුදුවගාව නැවත සිටුවිමෙන් පසු නැවුම් අස්වැන්න සීනිගම දෙවියන්ට පූජා කිරීමේ මංගල්‍යයක් මීට වසර 17කට පෙර ආරම්භ වුනා. දර්ශනීය පෙරහැරකින් නැවුම් කුරුදු අස්වැන්න සීනිගම දේවාලය වෙත රැගෙන ගොස් පූජා කිරීම සිදුවුණා. මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මහජන නියෝජිතයන් එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/1gVFV0tDD3Y”]