රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් කැලිකසල ගොඩකින් හමු වෙයි
Related Articles
යුද හමුදා පස්වන ශ්‍රීලංකා සංඥා බලකාය භාවිත කරන රිපීටර් වර්ගයේ අධිබලැති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවුණා.
වෙළෙදසලක හිමිකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ස්තානයට ගිය පිළියන්දල පොලිසිය මෙම පෙට්ටිය යුද හමුදා සංඥා බලකායට අයත් බව තහවුරු කරගෙන තිබෙනවා. කොටස් 4කින් යුත් සන්නිවේදන උපකරණ සහ වයර් ඒ තුළ තිබූ බවයි පිළියන්දල පොලිසිය සදහන් කළේ. ඉකුත් ජුලි මස 09 වන දින තලංගම පොල්දුව මංසන්ධියේදී අරගලයට සමගාමීව ඇතිවූ කලහකාරී තත්ත්වය යටතේ යුද හමුදාවේ සහ පොලිසියේ උපකරණ අස්ථානගතවී තිබුණා. මෙම අධිබලැති සන්නිවේදන උපකරණ කට්ටලය ද එදින අස්ථාන ගතවූ බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. මේ සම්බන්ධයෙන් යුද හමුදා මූලස්ථානය දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.