වීරවිල වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
Related Articles
වීරවිල වැවේ සොරොව්ව අසල දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
වීරවිල පොලිසියේ කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සොරොව්ව වසා පරීක්ෂා කිරීමේ දී පහළ කොටසේ තිබී අතුරුදන් පුද්ගලයා සොයා ගැනීමෙන් පසු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවටයි වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ. එම පුද්ගලයා වයස අවුරුදු 21 ක් වන දෙමටවැල්හින්න බදුල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. සිසුන් කණ්ඩායමක් තිස්සමහාරාම ප්‍රදේශයේ ශිෂ්‍යයෙකුගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි දියනෑමට ගොස් තිබෙන්නේ.