අපරාධයක් සිදුකිරීමේ අරමුණෙන් කඩු, මන්නා ඇතුළු ආයුධ රැගෙන වෑන් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් පිරිසක් වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ මෙහෙයුමේ දී මොරොන්තුඩුව මාවල ප්රදේශයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කෙරුණා. එහිදී කඩුවක්, මන්නා පිහියක් ඇතුළු ආයුධ සහ පෙට්රල් බෝම්බයක් ද සොයාගත් බව පොලීසිය පවසනවා. මෙම සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.