දකුණු මුහුදේදි නාවික හමුදාව අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය රැගත් බහුදින යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන හාරදහස් එකසියයක්.
ශ්‍රී ලංකා නාවික හමුදා රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව දෙවුන්දරතුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මෙම විශේෂ මෙහෙයුම සිදු කළා. එහිදි අයිස් කිලෝ 134ක්, හෙරෝයින් කිලෝ 108ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් මෙන්ම බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. එම යාත්‍රාවට ඉන්ධන ලබා දීමට පැමිණි බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 06 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැණුනා. එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අද උදෑසන කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා එම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂාවට ලක් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/b-iyjRbkYn0″]