fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2022 11:31

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.

ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගය අද පැවැත්වෙන්නේ කටාර්හි ලූසාඉල් ක්‍රීඩාංගනයේදියි. ප්‍රේක්ෂකයින් අසූනවදහසක් ඉදිරියේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.30ට ආරම්භවන මෙම තරගය පිළිබද ලොවෙහිම අවධානය යොමු වී තිබෙනවා. එකිනෙකාට කිසි සේත් නොදැවෙනි ප්‍රංශය සහ ආර්ජන්ටිනාව යන දෙරටේම බලාපොරොත්තුව වී ඇත්තේ කිලෝ ග්‍රැම් 6කට වැඩි බරින් යුතුව රනින් නිමවා ඇති ලෝක කුසලානය තමන් සතු කර ගැනීමයි. එහෙයින් තියුණු තරගයක් දැකබලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවනු ඇති. ලොව පහළ වු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනාවේ ලයනල් මේසිගේ අවසන් ලෝක කුසලාන තරගය මෙය වීමද විශේෂත්වයක්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2022 11:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්