ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට
Related Articles
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය කටාර් ලුසේල් ක්‍රීඩාංගනයේදී හෙට පැවැත්වෙනවා.
අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනේ ගියවර ශූරයන් වූ ප්‍රංශය හා ආජන්ටිනාවයි. ප්‍රංශය අවසන් පූර්ව තරගයේදී මොරොක්කෝ කණ්ඩායමේ ගෝල දෙකට බින්දුවක් ලෙසට පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ආජන්ටිනාව අවසන් මහා තරගට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියාව ගෝල දෙකට බින්දුවක් ලෙස පරාජයට පත්කරමින්. ආජන්ටිනාව පාපන්දු ලෝක ශූරතාවය දෙවරක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ 1978 හා 1986 යන වසරවලදීයි. ප්‍රංශය ද 1998 හා 2018 වසරවලදී ලෝක ශූරතාවය ජයග්‍රහණය කර තිබෙනවා. ආජන්ටිනාවේ ප්‍රබල ක්‍රීඩක ලියනෝල් මෙසී පාපන්දු ලෝක කුසලානයක් නියෝජනය කරන අවසන් අවස්ථාවද මෙයයි. හෙට තරගය රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා වන තරගය ක්‍රොඒෂියාව හා මොරොක්කෝව අතර අද රාත්‍රියේ පැවැත්වෙනවා.