fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙන්ටගනය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් ගැන තොරතුරු අනාවරණ වී නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 16:46

පෙන්ටගනය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් ගැන තොරතුරු අනාවරණ වී නැහැ

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් පවතින බවට පැතිරයන ප්‍රචාර සදහා කිසිදු සාක්ෂියක් නොමැති බව ඒ පිළිබද පැවැත්වූ විමර්ශනයකින් හෙලිවී තිබෙනවා.

2004 වසරේ සිට 2024 දක්වා කාලය තුලදී හදුනා නොගත් ආකාශ වස්තූන් 144ක් පිළිබද වාර්තා වූ බවයි මීට පෙර සදහන් වූයේ. කෙසේ වෙතත් පිටසක්වල ජීවීන් හෝ වෙනත් කණ්ඩායමක් පිළිබදව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණ වී නොමැති බව විමර්ශකයක් සදහන් කළා.

පසුගිය මැයි මාසයේදී ඇමෙරිකා කොංග්‍රසය තුලද හදුනානොගත් ආකාශ වස්තු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වුණා. එහිදී ඇතැම් කොංග්‍රස් සභිකයින් කියා සිටිමේ මෙම ආකාශ වස්තූන් පිටසක්වල ජීවින්ට අයිති බවයි.

තවත් පිරිසකගේ මතය වූයේ චීනය රුසියාව වැනි රටවලින් මෙම ආකාශ වස්තූන් හදුනා නොගත් තාක්ෂණයන් යටතේ නිර්මාණය කර ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්