එක්සත් ජාතීන්ගේ සංවිධානය රටවල් කිහිපයකින් තානාපතිවරුන් භාරගැනීමට තවමත් සූදානම් නැහැ
Related Articles
මියන්මාරය, ඇෆ්ගනිස්ථානය සහ ලිබියාවේ නැගෙනහිර ආණ්ඩුවෙන් තානාපතිවරුන් භාරගැනීම පිළිබද තීරණය කල් දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත්තා.
මියන්මාරයේ හමුදා පාලනයක් පැවතිම සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයේ පාලනය ක්‍රියාත්මක වීම මීට ප්‍රධාන හේතුවයි. ලිබියාවේ නැගෙනහිර ප්‍රදේහයේ ආණ්ඩුව ද ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමකට ලක්ව නැහැ.
මෙම රටවල තානාපතිවරුන් සම්බන්ධ තිරණය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිතයි. එහිදී ඡන්ද විමසුමක් පවත්වා තීරණයක් ගැනෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.