fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථාන මාරුවීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 11:57

වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථාන මාරුවීම්

එක් ග්‍රාම නිලධාරී වසමක වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් ලබන මස පළමුවනදා සිට අනිවාර්ය ස්ථාන මාරු කිරීමකට යටත් වන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවලදී සළකා බලන ලද විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුනු විට සෑම ග්‍රාම නිලධාරියෙකුටම මෙම නීතිය වලංගු වනු ඇති. මාරු කිරීම්වලට  අදාල උපදෙස් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබෙනවා. ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල් සිටී නම් ඔවුනට ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කරන ලෙසද අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2022 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්