fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2022 12:25

අධ්‍යාපන ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්

කොරෝනා හේතුවෙන් වැඩිම හානියක් සිදුවු අධ්‍යාපන ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විද්‍යාලයට වසර 75ක් සපිරීම වෙනුවෙනුයි ප්‍රදර්ශනය සංවිධාන කර ඇත්තේ. ඊයේ ආරම්භ වු ප්‍රදර්ශනය හෙටින් අවසන්වනවා. නව නිර්මාණ රැසක් එළිදැක්වීම ද මෙහිදි සිදුවුණා. විවෘත කිරිමේ අවස්ථාවට විදුහල්පති එච් ඒ එච් ජයවර්ධන මහත්මිය ඇතුලු පිරිසක් එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2022 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්