මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලිට හා ජානකී සිරිවර්ධනට දැඩි කොන්දේසි මත ඇප නියම කෙරුණා.
මෙම දෙදෙනා රුපියල් පනස්දහසක මුදල් ඇප මෙන්ම රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හැරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තීරණය කළේ. සැකකරුවන්ගේ පදිංචි සහතික වත්කම් සහතික ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම මෙම දෙදෙනාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබෙනවා. ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවන්නැයි අධිකරණය නියෝග කළා. සෑම දිනකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය දැනුම් දුන්නා. එමෙන්ම තිළිණි ප්‍රියමාලිට අධිකරණය නියෝග කළේ අගරු චෙක්පත් වලට අදාළ මුදල් ගෙවීය යුතු බවයි. මුල්‍ය වංචා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.