සුවහසක් රසික ජනතාවගේ සිත් දිනාගත් අභාවප්රාප්ත ජනප්රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් සූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 4 ට මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. මිය යන විට ඔහු 76 වන වියේ පසු වුණා.
මෙරට ගායන ක්ෂේත්රයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ නිහාල් නෙල්සන් කලාකරුවා 1946 වසරේ ජනවාරි 9 වනදා මොරටුවේදී උපත ලැබූවා. ඔහු පාසල් අවධියේ සිටම ගායකයෙකු ලෙස බොහෝ හැකියාවන් ප්රදර්ශනය කළා. ඔහුගේ ගායන දිවියේ මහඟු ආරම්භය සනිටුහන් වූයේ 1963 වසරේ මාර්තු මාසයේදී ලස්සනට පිපුණු වන මල් ගීතය රසිකයින් අතරට එක්කිරීමත් සමඟයි. ඉන් අනතුරුව ජනප්රිය ගීත රැසක් ඔහු සංගීත ක්ෂේත්රයට දායාද කළා.
ප්රසංග වේදිකාවට අත්යවශම චරිතයක් වූ නිහාල් නෙල්සන් ඔහුටම ආවේණික වූ ශෛලියක් අනුගමනය කරමින් ගීත ඉදිරිපත් කිරීම සංගීත ලෝලීන් අමන්දානන්දයට පත්කරමින්. ඔහු ගීත ඇල්බම් 113ක් නිකුත් කරමින් මෙරට සංගීතයේ වාර්තා තැබූ ගායකයෙකු ද වනවා. නිහාල් නෙල්සන් කලාකරුවාගේ දේහය මේ වන විය මොරටුව, රාවතාවත්ත නිහාල් නෙල්සන් මාවතේ අංක 17 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා.