fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2022 09:36

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල කනත්තේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

බොරැල්ල කනත්තේදී මෝටර් රථයක් තුළ ගෙළ සිරකර සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ  දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණා. සිය මොටර් රථය තුළ ගෙල සිරකර සිටි ඔහුගේ දෑත් බැද තිබූ බවයි පොලිසිය පවසන්නේ. ඔහු මෝටර් රථය තුලදී ශාරීරික හිරිහැරයකට ලක්ව ඇති බව බොරැල්ල පොලිසිය කළ මූලික විමර්ශනයකදී හෙළි වුණා. පනස් එක් හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් මහතා කුරුදුවත්ත මල්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඊයේ දහවල් එකයි තිහට පමණ නිවසින් පිටව ගොස් තිබෙනවා. පස්වරු පහයි විස්සට පමණ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය වෙත යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ. ඝාතනය සම්බන්ධයෙන් බොරැල්ල කනත්තේ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුවනවා. මෝටර් රථය නවතා තිබූ ස්ථානය හා අවට ප්‍රදේශය නිරීක්ෂණයට ලක් කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2022 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්