fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ මස අවසන් සතියේ නාම යෝජනා කැඳවීම සිදු කළ යුතුයි – මැතිවරණ කොමසාරිස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 21:45

මේ මස අවසන් සතියේ නාම යෝජනා කැඳවීම සිදු කළ යුතුයි – මැතිවරණ කොමසාරිස්

මාර්තු 19 වනදාට පෙර පළාත් පාලන ආයතනවල සියලුම සභිකයන් පත් කර ගැසට් නිවේදනය පළ කිරීමේ අරමුණින් මේ මස අවසන් සතියේ පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැදවීම සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පිළිබදව ගම්පහ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාද මෙලෙස අදහස් පළ කළා.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවද කොමිසමේ සභාපතිවරයා මෙහිදි වැඩිදුරටත් පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 21:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්