fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

 ඇමෙරිකාවට ප්‍රබල ශීත කුණාටුවකින් බලපෑම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 15:34

 ඇමෙරිකාවට ප්‍රබල ශීත කුණාටුවකින් බලපෑම්

ඇමෙරිකාවට ප්‍රබල ශීත කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රාන්තවලට ඉන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලුසියානා, මිසසිපි, දකුණු ඩැකෝටා සහ මිනසෝටා ප්‍රාන්ත ඇතුළුව තවත් ප්‍රාන්ත රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මිලියනකට ඉන් බලපෑම් එල්ලවිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා.

ප්‍රබල සුළං සහ අධික හිම පතනය හේතුවෙන් ගමනාගමනය අපහසු වී තිබෙනවා. හිම කුණාටු තත්වය හේතුවෙන් මාර්ග සහ පාසල් වසා දමා ඇති අතර ඇතැම් ප්‍රදේශවල අඩි 4ක් දක්වා හිම වැටි ඇති ආකාරය දක්නට ලැබුණා.

ගුවන් ගමන් වාර 3,300ක් පමණ ප්‍රමාද වී තිබෙනවා. තවත් ගුවන් ගමන් වාර 150කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණා. නිවාස රැසක්ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ‌ලුසියානා ප්‍රාන්තය හරහා ටොනෙඩෝවක් හමා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්