fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 15:06

ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශය සමත් වුණා.

මොරොක්කෝව සමග පැවති අවසන් පූර්ව තරගය ආරම්භ වී මිනිත්තු 5 ක් ගත වූ තැන ප්‍රංශය වෙනුවෙන් පළමුවෙනි ගෝලය ලබාගැනීමට තියෝ හෙරන්ඩස් සමත්වීමත් සමග තරගයේ පෙරමුණ ගැනීමට ප්‍රංශය සමත් වුණා.

ඒ අනුව පළමු අර්ධ නිමා වූයේ ගෝල එකට බින්දුවක් ලෙස ප්‍රංශය පෙරමුණේ පසුවෙමින්. දෙවෙනි අර්ධයේදී තවත් ගෝලයක් ලබාගැනීමට ප්‍රංශය සමත් වුණා. ඒ වැන්ඩල් කොලෝමුවානි තරගයේ 79 වන මිනිත්තුවේදී ලබාගත් ගෝලයයි.

කෙසේ නමුත් මොරොක්කෝවට තරගය පුරාවට කිසිදු ගෝලයකන් ලබාගැනීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ගෝල දෙකට බින්දුවක් ලෙස තරගය ජයගනිමින් අවසන් මහා තරගයට  සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයකට   සුදුසුකම් ලබාගත්තේ 4 වන වරටයි. 1998 වසරේදී හා පසුගියවර ලෝක ශූරයන් වූයේ ප්‍රංශයයි. තරගාවලියේ අවසන් මහා තරගය ප්‍රංශය හා ආජන්ටිනාව අතර ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.

තුන් වන ස්ථානය සදහා වන තරගය මොරොක්කෝව හා ක්‍රොඒෂියාව අතර තරගය සෙනසුරාදා පැවැත්වෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 15:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්