මහියංගනය ග්‍රාමීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි. එමෙන්ම බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් ලෙසටද සංවර්ධනය කරන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ.
ගිරාදුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව මූලික රෝහල තවදුරටත් සංවර්ධනය කරන ලෙසටද වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම සාකච්ඡාවේදී උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.