fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂාව සලසනතුරුම අධ්‍යයන කටයුතුවල නෑ – පේරාදෙණියේ ඇඳුරන් දැඩි තීරණයක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 12:03

ආරක්ෂාව සලසනතුරුම අධ්‍යයන කටයුතුවල නෑ – පේරාදෙණියේ ඇඳුරන් දැඩි තීරණයක

සිසුන් ප්‍රචණ්ඩ ක්‍රියා නතර කර, විශ්වවිද්‍යාලය මගින් තමන්ගේ ආරක්ෂාව සැලසීමට ක්‍රියාකරන තුරු අධ්‍යයන කටයුතුවලින් තවදුරටත් ඉවත්ව සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරනවා.

මෙම ආචාර්යවරුන් දින 5 ක කාලයක් විභාග ඇතුළු අධ්‍යයන කටයුතුවලින් දැනටමත් ඉවත්ව සිටිනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පසුගිය 10 වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් ප්‍රහාරයක් එල්ල කළා. එම සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ හදුනා ගත් විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කළා.

අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් දොලොස් දෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිසුන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඈත් විය යුතු බවත් විශ්වවිද්‍යාලය මගින් තමන්ගේ ආරක්ෂාව සැලසිය යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය ප්‍රකාශ කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2022 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්