ඇමෙරිකාවේ සමරිසි සහ අන්තර්වාර්ගික විවාහ අයිතීන් සුරකිමින් සමරිසි විවාහ ආරක්ෂා කිරීමේ ෆෙඩරල් ආරක්ෂණ නීතියට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවා.
මෙය ඇමෙරිකානු ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා පනත් කෙටුම්පතට අත්සන් කළේ කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවයි.
ඇමෙරිකන් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතයි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දුන්නේ පසුගිය දෙසැම්බර් 8 වැනිදායි.
උප ජනාධිපතිනී කමලා හැරිස් ඇතුළු ඩිමොක්රටික් පක්ෂ නියෝජිතයන් ඇතුළු සමරිසි විවාහ අනුමත කරන සියයකට වැඩි පිරිසක් එම අවස්ථාවට එක් වී සිටියා.
සමරිසි අයිතීන් වෙනුවෙන් බයිඩන් සිය හඬ අවදි කළේ ඔබාමා පරිපාලනය පැවැති සමයේ සිටයි.