ඉන්දු චීන දේශසීමාවේ හමුදා භටයින් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ඇමෙරිකාව පවසනවා.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් දෛනික ප්රවෘත්ති සාකච්ඡාවේදීයි මේ බව සඳහන් කළේ.
එමෙන්ම මෙම තත්වය ඉදිරියේදී වර්ධනය වුවහොත් ඇමෙරිකාවේ අඛණ්ඩ සහාය ඉන්දියාවට ලබාදෙන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා.
පසුගිය සිකුරාදා මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට අයත්, ඉන්දු චීන දේශසීමාවේ හමුදා මුරපොළක් ආසන්නයේයි.
ඉන් දෙපාර්ශවයේම හමුදා නිලධාරීන් තුවාල ලබා ඇති බව සඳහන්.
වසර දෙකකට ආසන්න කාලයකදී ආසියානු බලවතුන් දෙදෙනා අතර සිදු වූ පළමු සිදුවීම මෙය වනවා.