fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැන් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක් නොවේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2022 09:43

දැන් ලොව ධනවත්ම පුද්ගලයා ඉලෝන් මස්ක් නොවේ

ලොව සුපිරි ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් මෙම වසරේ ලෝක ධනවතුන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් දත්තවලට අනුව එල්.වී.එම්.එච්. සුඛෝපභෝගී භාණ්ඩ සමූහයේ ප්‍රධාන විධායක බර්නාඩ් ආනෝල්ට් ලොව සුපිරි ධනවතා බවට පත්වුණා.

ඊලෝන් මස්ක්ගේ ස්ථානය අහිමි වී ගොස් ඇත්තේ ඔහුගේ විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගමේ ඔහුගේ කොටස්වල වටිනාකම අඩුවීම හේතුවෙනුයි.

මස්ක් ඇමෙරිකා ඩොලර් බිලියන 178 ක වත්කමකට හිමිකම් කියන අතර  බර්නාඩ් ආනෝල්ට්ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලීයන 188 ක්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2022 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්