ඉන්දුනීසියාව සම්මත කළ අපරාධ නීති සංග්‍රහය සංචාරකයින්ට අදාළ නැහැ
Related Articles
විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කරමින් ඉන්දුනීසියාව සම්මත කළ අපරාධ නීති සංග්‍රහය සංචාරකයින්ට අදාළ නොවන බව ඉන්දුනීසියා බලධාරීන් සදහන් කරනවා.
නව නීතිය අනුව විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් වනවා. අදාළ නීතිය පාර්ලිමේන්තුව සම්මත කර ඇති අතර එය තවත් වසර තුනකින් බලාත්මක වනු ඇති. ඒ අනුව ලෝ ප්‍රකට බාලි දූපත් හි සංචාරයකයින්ට තම සංචාරය අතරතුරදී කිසිදු ගැටලුවකට මුහුණ දීමට සිදු නොවනු ඇති බවයි බාලි ආණ්ඩුකාරවරයා පවසන්නේ. නව නීතිය උල්ලංඝනය කරන අයෙකුට වසරක සිර දඬුවම් පැනවෙන අතර මාස 06ක පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු වීමට ද සිදුවනවා. මේ අතර ජනාධිපතිවරයා හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම තහනම් කරමින් ද නීති පනවා තිබෙනවා.