fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගජමුතු සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2022 10:53

ගජමුතු සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

ගජමුතු සමඟ සැකකරුවන් පස් දෙනෙකු මහ ඔය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහ ඔය කෝන්වින්න පාර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකළා. එහිදී මිල අධික ගජමුතු 5 ක් සමග පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඉන් තිදෙනෙකු ගජමුතු සමග ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ඔවුන්ට ඒ සදහා අධාර අනුබල ලබාදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. ඔවුන් වැඩිදුර විමර්ශන සදහා මහ ඔය පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගැණුනා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2022 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්