පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධීය සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.