නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීම ජනවාරි පස්වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ.
හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි පස්වනදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකා සභා රැස්වීමේදී තීරණය කෙරුනා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කාරක සභාව රැස්වුණේ. පස්වනදා රැස්වෙන පාර්ලිමේන්තුවේදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත හා බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ද පැවැත්වීමටයි එහිදී තීරණය වුණේ.
එදින පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.