පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පිහිටි කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන 15 සිට තාවකාලිකව වසා දමන බව දුම්රිය මූලස්ථානය පවසනවා.
දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ.