පොළොන්නරුව පුලස්තිගම ප්රදේශයේ නිදන් හෑරීමේ යෙදී සිටි පුද්ගලයින් 4 දෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුලස්තිගම පොලිස් බල ප්රදේශයේ තල්පොත ගම්මානයේ ගෙවත්තක මෙම පිරිස නිදන් හෑරීමේ යෙදී සිටි බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පවසන්නේ ඔවුන් ඒ සදහා යොදාගත් උපකරණ රැසක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවා. එම බලකායේ අරලගංවිල කදවුරේ නිලධාරීන් හා පුලස්තිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකළේ ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් තුන්දෙනෙකු කොළඹ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා පොළොන්නරුව ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.