fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව අත්පත් කරගෙන ඇති මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2022 17:35

රුසියාව අත්පත් කරගෙන ඇති මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක්

රුසියාව අත්පත් කරගෙන ඇති මෙලිටොපෝල් නගරයේ පිපීරීම් කිහිපයක් සිදු ව තිබෙනවා.

යුක්රේන හමුදා මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි මෙලිටොපෝල් නගරයේ වැඩබලන අණ්ඩුකාරවරයා පවසන්නේ. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ. මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ඔඩෙසා ප්‍රාන්තයේ මිලියන 1.5කට අධික ජනතාවට විදුලි බලය අහිමි වී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඊයේ එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන විනාශ වී ඇති බවයි. යුක්‍රේනයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් රුසියාව දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ හේතුවෙන් සීත සෘතුවේදී යුක්‍රේන වැසියන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේනනේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2022 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්