fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරින් පසු කාන්තාවකට පහර දුන් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2022 18:25

රිය අනතුරින් පසු කාන්තාවකට පහර දුන් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොල්ලුපිටියේ දි මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටී සිදු වු අනතුරෙන් පසු මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුර සිදු කර පලා ගිය මෝටර් රථයේ රියදුරු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දි මෝටර් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්‍රී රෝද රථයක ගැටීමෙන් ත්‍රි රෝද රථ රියදුරා ජිවිතක්ෂයට පත්වුණා. ඊයේ අළුයම සිදු වු එම අනතුරත් සමග මෝටර් රථයේ රියදුරා පලා ගියා. එම අවස්ථාවේ දි මෝටර් රථයේ පසුපස ගමන් කල කාන්තාවකට තවත් කාන්තාවන් දෙනෙකු පහර දෙන දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණා. ඒ සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කළ කොල්ලුපිටිය පොලිසිය කාන්තාවට පහරදීම හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් පෞද්ගලික ආයතනයක සනීපාරක්ෂක සේවා සපයන දෙදෙනෙකු බවයි පොලිසිය පවසන්නේ. පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය මෙන්ම පලා ගිය රියදුරු සොයා තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශ සදහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2022 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්